රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ අනුර දිසානායක දේශපාලන දීගයක් කන බවත් යම් අශුද්ධ සන්ධානයක් ඔවුන් දැනටමත් නිර්මාණය කරගෙන තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසා තිබේ .
ඔහු මේ බව ප්‍රකාශ කළේ ඇහැළියගොඩ ඊයේ (06) පැවති ජනරැළියක් අමතමිනි .
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අනුර කුමාර දිසානායක මේ තරම් කාලයක් සිදු කළේ ජනතාව ඇන්ඳීම බවත් ඔවුන් අතර දේශපාලන ගනුදෙනුවක් තිබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර ඇත .
රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දයක් ලබා දීමට අපේක්ෂාවෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ හෝ පොදුජන පෙරමුණේ පිරිසට එම ඡන්දය නාස්ති නොකර රට ගොඩනගන සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයට එම වරම ලබාදෙන්නැයි තමයි ඉල්ලා සින්න බවද සජිත් ප්‍රේමදාස එම අවස්ථාවේදී පවසා තිබේ .