2026 ජූලි 31 සිකුරාදා, 07:00
නවතම පුවත්

බලෙන් රැඳී සිටි රාජ්‍ය ඇමති නිවසින් දොට්ට.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද් කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට අයත් ලිඳුල හෙන්ෆොල්ඩ් වතුයායේ පිහිටි නිල නිවසක් නුවරඑළිය දිසා අධිකරණයේ නියෝගයක් මත ඊයේ (සැප්. 5) එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය සහ පිස්කල් නිලධාරීන් විසින් වතු අධිකාරිවරයා වෙත භාර දී ඇත.

අරවින්ද් කුමාර් මහතා 1987 වසරේ එම වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කළ අවධියේ වතුයායේ පාලන අධිකාරිය විසින් අරවින්ද් කුමාර් මහතාට නිල නිවස වශයෙන් භාවිත කිරීමට මෙම නිවස ලබා දී තිබූ අතර, අරවින්ද් කුමාර් මහතා එම වතුයායෙන් ඉවත් වීමෙන් පසු ඔහුට ලබා දී තිබූ නිල නිවස ආපසු වතු යායට භාර නොදී එම නිවස අලුත්වැඩියා කර එහි රැඳී සිටීම සම්බන්ධයෙන් වතු පාලන අධිකාරිය විසින් නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

නුවරඑළිය දිසා අධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වෙමින් පැවති නඩුවේ තීන්දුවෙන් අරවින්ද් කුමාර් මහතාට එම නිල නිවසෙන් ඉවත් වන ලෙසට ලබා දුන් නියෝගයට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ද ඔහුට එම නිවෙසින් ඉවත් වන ලෙසට නියෝග කර ඇත.

එසේ හෙයින්, අරවින්ද් කුමාර් මහතා අභියාචනාධිකරණයට ද අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, අභියාචනාධිකරණයෙන් ද එම තීන්දුව ම ලබා දී තිබිණි.

නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත එම අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු පිස්කල් නිලධාරීන් ලිඳුල පොලිසියේ නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ එම නිවස වෙත පැමිණ නිවසේ තිබූ අරවින්ද් කුමාර් මහතාට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ලැයිස්තුගත කර එහි පිටපතක් අධිකරණය භාරයේ තබා ගනිමින් එම නිවස සහ බඩු බාහිරාදිය එම වතුයායේ පාලන අධිකාරිය වෙත භාර දී ඇත.

අරවින්ද් කුමාර් මහතා දේශපාලනයට පිවිසීමත් සමග දේශපාලන බලය භාවිත කරමින් එම නිල නිවෙසේ මෙතෙක් කාලයක් රැඳී සිටි බවයි හෙන්ෆොල්ඩ් වතුයායේ පාලන අධිකාරිය කියා සිටියේ ය.

අධිකරණය මගින් වතු පාලන අධිකාරිය වෙත භාර දුන් නිල නිවස එම වතුයායේ සේවය කරන වෙනත් නිලධාරියෙකුට නිල නිවස වශයෙන් භාවිත කිරීමට ලබා දෙන බව වතුයායේ නිලධාරියෙකුට කියා සිටියේ ය.

මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් එය ව්‍යර්ථ විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories