2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:30
නවතම පුවත්

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිව්දෙනෙක් මරුට14 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට

ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ .

තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

වෙඩි තැබීම සිදු කළේ පාසලේ ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු යැයි ප්‍රාන්ත පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුවූයේ ‘ඇපලාචී’ නමැති ද්විතීක පාසලේය. එසේම මියගිය සිවු දෙනාගෙන් දෙදෙනෙකු ගුරුවරුන් බවත් ඉතිරි දෙදෙනා සිසුන් බවත් පැවැසෙයි.

වෙඩි තැබීම සිදුව ඇත්තේ පාසල් වේලාවේදීය. එම අවස්ථාවේ සිසුහු 1,900 ක් පාසලේ ඉගෙනුම ලබමින් සිටි බවත් මාධ්‍ය වාර්තා කරයි .

වෙඩි තැබීම කළේ කෝල්ට් ග්‍රේ නමැති සිසුවා යැයි පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

වෙඩි තැබීම කළ සැණින්, පොලිසියට යටත් වන බව කෝල්ට් ග්‍රේ පවසා ඇත. ඒ අනුව, පාසලේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ද සහාය ඇතිව පොලිස් නිලධාරීන්, පාසල් පරිශ්‍රයේදීම කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත් බව පැවැසෙයි.

කෝල්ට් ග්‍රේ, වැඩිහිටියකු සේ සලකා, ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත. ප්‍රාන්ත පොලිස්පති ජූඩ් ස්මිත්, සිද්ධිය ගැන කම්පා වෙමින් පවසා ඇත්තේ වෙඩි තැබීමට හේතුව තවමත් හරිහැටි පැහැදිලි නොවුණත්, එය නපුරේ උච්ඡතම අවස්ථාවක් යැයි තමන්ට අර්ථ නිරූපණය කළ හැකි බවය.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මෙන්ම, හිටපු ජනාධිපතිවරයකු මෙන්ම එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වීමට නියමිත ඇමෙරිකන් ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් ජනපතිධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ.

පසුගිය වසරේ, එනම් 2023 දී, ඇමෙරිකන් එෆ්.බී.අයි. හෙවත් ඇමෙරිකන් ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ පරීක්ෂකයන්, කෝල්ට් ග්‍රේ හමු වී ඔහුගෙන් ප්‍රශ්න කර ඇතැයි ද ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කර ඇත. ඒ, කෝල්ට් ග්‍රේ, පාසලේ වෙඩි තැබීමක් සිදු කිරීමට සූදානම් වෙනවා යැයි ලැබුණු තොරතුරුවලට අනුවය. කෙසේ නමුත් එම අවස්ථාවේදී එෆ්.බී.අයි. පරීක්ෂකයන් කෝල්ට් ග්‍රේ අත්අඩංගුවට ගත්තේ නැතැයි ද පැවැසෙයි

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories