2026 ජූලි 29 බදාදා, 15:59
නවතම පුවත්

අනුර කුමාරගේ නමින් ගිය ව්‍යාජ ලිපියක් ගැන CID විමර්ශන

ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ඊයේ (සැප් 4) නියෝග කළේ ය.

එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.

ඉකුත් 24 වන දා මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ජාතික ජන බලවේගයේ සංවිධායකත්වයෙන් පවත්වන ලද සංඝ සමුළුවකදී කිසිදු ආගමකට එම රජය යටතේ ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවට හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා තම අංශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිළධාරීහු අධිකරණයට දැන්වූහ.

එසේ සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලු ම මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිළධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්මත කරගත් බවට පෞද්ගලික රූපවාහිනි නාළිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුරදී විකාශය වූ බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිළධාරීහු අධිකරණයට දැන්වූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට එම නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා ඉහත සඳහන් නියෝගය නිකුත් කළේ ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories