2026 ජූලි 29 බදාදා, 07:10
නවතම පුවත්

මීගමුව බන්ධනාගාර සිදුවීම වගවීම තහවුරු කරන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකයෙන් රජයට බලපෑම්

මීගමුව බන්ධනාගාරය තුළ පසුගිය දිනවල සිදුවූ අවාසනාවන්ත ගැටුම සහ ඉන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැයි ‘දිනන දකුණ’ සාමූහිකය රජයෙන් දැඩිව ඉල්ලා සිටී. එම සාමූහිකය පෙන්වා දෙන්නේ, බන්ධනාගාර නිලධාරීන්ගේ මරණය මෙන්ම සිරකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද රාජ්‍යය සතු වගකීම පැහැර හැරිය නොහැකි බවයි.

අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ, මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ මෙම ඛේදවාචකය වැලිකඩ සහ මහර බන්ධනාගාරවල මීට පෙර සිදු වූ සිදුවීම්වලට නොදෙවැනි බවයි.

රාජකාරියේ නිරතව සිටියදී බන්ධනාගාර නිලධාරීන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ ප්‍රචණ්ඩ ක්‍රියාව කොන්දේසි විරහිතව හෙළා දකින බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි. කෙසේ වෙතත්, එම ඛේදවාචකය මුවාවෙන් බන්ධනාගාරය තුළ මියගිය සිරකරුවන්ගේ ජීවිත සහ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය දරන වගකීම යටපත් කිරීමට උත්සාහ නොකළ යුතු බව ඔවුහු පවසති.
650ක් සඳහා පමණක් ඉඩකඩ ඇති බන්ධනාගාරයක 2,400ක් රඳවා තැබීම රජයේ ව්‍යුහාත්මක අසාර්ථකත්වයක් බවත්, එය සිදුවූයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දුර්වල පරිපාලනය නිසා බවත් සාමූහිකය පෙන්වා දෙයි.

විමර්ශන කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ සැක සංකා
සිද්ධිය සම්බන්ධයෙන් පත් කර ඇති ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ සාමාජිකයෙකු සම්බන්ධයෙන් මතුව ඇති විවේචන කෙරෙහි ජනාධිපතිවරයාගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. එම කමිටුවේ ස්වාධීනත්වය තහවුරු නොකළහොත්, මෙම විමර්ශනය අපක්ෂපාතී එකක් නොවනු ඇති බව ‘දිනන දකුණ’ සාමූහිකයේ මතයයි.

අවසාන වශයෙන්, රජය විසින් මියගිය සිරකරුවන් සියලු දෙනාම ‘අපරාධකරුවන්’ ලෙස හංවඩු ගසමින් වගකීමෙන් මිදීමට දරන උත්සාහය යුක්තියේ නාමයෙන් පරාජය කළ යුතු බව එම සාමූහිකය අවධාරණය කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories