2026 ජූලි 29 බදාදා, 02:19
නවතම පුවත්

හරක් කටාට පහසුකම් සැලසීමට රුපියල් ලක්ෂ 1200ක අල්ලස් ගැනීමේ සිද්ධියක්, රකිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවකු වන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තැබීමේ නියෝගවලින් ඉවත් කර, වෙනත් බන්ධනාගාරයකට යොමු කිරීමටත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) නිලධාරීන්ට අල්ලස් දී ඔහුව සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට පහසුකම් සැලසීමටත් අදාළව රුපියල් ලක්ෂ 1200 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේගය (සජබ) ආසන සංවිධායක චරිත් අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම දැවැන්ත අල්ලස් ජාවාරම සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරක් මත දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රඳවා තැබීමේ නියෝග යටතේ දැඩි ආරක්ෂාවක් මැද පසුවන ‘හරක් කටා’ නමැති සැකකරුට, සාමාන්‍ය සිරකරුවෙකු ලෙස රඳවා තැබීමට අවශ්‍ය කටයුතු සූදානම් කරදීම සඳහා මෙම මුදල් ගනුදෙනුව සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අල්ලස් කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories