හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට හෙට (27) දින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ ඇය විසින් පවත්වාගෙන ගිය ‘සිරිලිය’ පදනමට අදාළ ගිණුමක සිදුවී ඇතැයි පැවසෙන මූල්‍ය අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට මෙලෙස ඇයව කැඳවා ඇති බව වාර්තා වේ. මෙම මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලිවලට අදාළව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.