රාජාංගනය ප්‍රදේශයට බලපෑ සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා විසින් පිරිනමන ලද ආපදා වන්දි චෙක්පත් රැසක් බැංකුවලින් ප්‍රතික්ෂේප වී (Return) ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා අනාවරණය කරයි.
ජනාධිපතිවරයා පුද්ගලිකවම රාජාංගනය ප්‍රදේශයට පැමිණ, විපතට පත් වූ පළමු නිවස ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබා පිරිනැමූ නිල වන්දි චෙක්පත පවා මේ වන විට අගරු වී ඇති බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙළේ පවතින අක්‍රමවත්භාවය පිළිබඳව මින් දැඩි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.