බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ අවාසනාවන්ත පුවතක් වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ 49 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතික කාන්තාවකි.
ඇය තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ බෙන්තොට මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.