හල්දුම්මුල්ල, සොරගුනේ ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (23) සවස් කාලයේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරට ලක්ව ඇත්තේ හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයකි.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථ දෙකෙහිම මගීන් ගමන් කර ඇති අතර, ගැටීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හය දෙනෙකු වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත. අනතුරින් බස් රථ දෙකටම දැඩි හානි සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.