2026 ජූලි 28 අඟහරුවාදා, 04:23
නවතම පුවත්

රිදී තිරයෙන් මුද්දරයට පෑයූ සිනමා සියවසේ සොඳුරු රුව — අයිරංගනී සේරසිංහ!

ශ්‍රී ලාංකේය කථානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණ වීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම නිමිත්තෙන් සංවිධාන කළ ජාතික සැමරුම් උළෙල ඊයේ දිනයේ දී ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහභාගී විය. මෙම අවස්ථාවේදී “1925 – 2025 : ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිල වශයෙන් එළිදක්වනු ලැබී ය. එම සමරු මුද්දරයට සහ මුල් දින කවරයට, ශ්‍රී ලාංකේය සිනමාවේ ජීවමාන පුරාවෘත්තයක් වන ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව එක් කිරීම, මෙරට සිනමා කලා උරුමයට ඇය කළ අගනා මෙහෙවරට ගෞරව දැක්වීමක් ලෙස සඳහන් කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ පළමු කථානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ (1947) සමඟ ආරම්භ වූ මෙරට කතානාද සිනමා ගමන අද වන විට දශක හතකට වැඩි කාලයක් පුරා විවිධ යුගයන්හි දී විවිධ අභියෝගවලට මුහුණ දෙමින් අද්‍යතනය වන විට ජාතික සංස්කෘතික උරුමයක් බවට පත්ව ඇති බව මෙම උත්සවයේදී අවධාරණය විය. එමෙන් ම 1925 වසරේ නිහඬ සිනමා යුගයෙන් ආරම්භ වූ ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසය සියවසක ගමනක් සනිටුහන් කරමින් 2025 වසරේදී අභිමානවත් ශත සංවත්සරයකට එළඹීම ද මෙහිදී සිහිපත් කෙරිණි.
ප්‍රවීණ රංගවේදිනී අයිරංගනී සේරසිංහ මහත්මියගේ රුව සමරු මුද්දරයට සහ මුල් දින කවරයට එක් කිරීමට අමතරව, සිනමා කලා ක්ෂේත්‍රයට කළ වටිනා දායකත්වය වෙනුවෙන් ප්‍රවීණ රංගන ශිල්පීනී ශ්‍රියානි අමරසේන මහත්මියට “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන විශේෂ සම්මානය පිරිනමන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories