2026 ජූලි 31 සිකුරාදා, 15:51
නවතම පුවත්

වරාය කැළඹූ කන්ටේනර් 323ක අබිරහස් බදු වංචාවේ සුලමුල සෙවීමට තේරීම් කාරක සභාව අද පිටියට!

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම සහ අතිශය අබිරහස් බදු වංචාව ලෙස සැලකෙන කන්ටේනර් 323ක මහා ජාවාරම පිටුපස ඇති දේශපාලන කුමන්ත්‍රණය හෙළි කරගැනීමේ තීරණාත්මක විමර්ශනය අද දින (ජනවාරි 21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ සභාපතිත්වයෙන් යුත් විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෙලෙස රැස් වූයේ, රේගු පද්ධතිය මගින් ‘අනිවාර්ය පරීක්ෂාවට ලක් කළ යුතු අධි-අවදානම් සහිත භාණ්ඩ’ ලෙස වර්ගීකරණය කර තිබූ කන්ටේනර් 323ක් කිසිදු භෞතික පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කිරීමට එල්ල වූ ප්‍රබල දේශපාලන පීඩනය සහ ඒ හරහා රජයට අහිමි වූ බිලියන ගණනක බදු මුදල් පිළිබඳ සත්‍යය අනාවරණය කරගැනීමේ අරමුණිනි.

මෙම විමර්ශනය වඩාත් ආන්දෝලනාත්මක මුහුණුවරක් ගනු ලැබුවේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා සහ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ නම් මෙම සිද්ධියට සෘජුවම ඈඳී තිබීම හේතුවෙනි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්වකට අනුව, අදාළ කන්ටේනර් රේගු පරීක්ෂාවන්ගෙන් බැහැරව නිදහස් කරගැනීම සඳහා ආණ්ඩුකාරවරයා සිය නිල බලය භාවිත කර ඇති බවටත්, එම නීතිවිරෝධී ක්‍රියාවලියට අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ පාර්ශවයෙන් අවශ්‍ය මෙහෙයවීම් සහ උපදෙස් ලැබී ඇති බවටත් බරපතළ චෝදනා එල්ල වී තිබේ. කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පත් කළ මෙම තේරීම් කාරක සභාවේ මූලික අවධානය යොමු වී ඇත්තේ මෙම ප්‍රබලයන් දෙදෙනා සහ රේගු නිලධාරීන් අතර පැවති ගනුදෙනුව හෙළි කරගැනීමටයි.

කුතුහලය දනවන කරුණ වන්නේ මෙම කන්ටේනර් තුළ සැබවින්ම අඩංගු වූයේ මොනවාද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය නොවීමයි. බදු වංචාවකට එහා ගිය මත්ද්‍රව්‍ය හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ ජාවාරමක් මීට සම්බන්ධ දැයි යන්න පිළිබඳව ද මේ වන විට සැක පළ වී ඇත. රජයට රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදු කරමින්, ජාතික ආරක්ෂාව පවා අභියෝගයට ලක් කරමින් සිදු වූ මෙම මහා පරිමාණ දූෂණයට අදාළව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරි දිනවලදී කාරක සභාව හමුවට කැඳවීමට නියමිතව තිබේ.

තරාතිරම නොබලා වැරදිකරුවන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට අවශ්‍ය නිර්දේශ මෙම තේරීම් කාරක සභාව මගින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර, එහි ප්‍රගතිය පිළිබඳව මුළු රටම දැඩි අවධානයෙන් පසුවෙයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories