ජින්තුපිටිය ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව කාන්තාවක ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ 13 ප්රදේශයේ පදිංචි අවුරුදු 18ත් 49ත් අතර පසුවන මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධයට ආධාර අනුබල දීම සහ හෙරොයින් ළඟ තබා ගැනීම යන චෝදනා යටතේය. සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකු ජනවාරි 23 දක්වා රැඳවුම් නියෝග මත ප්රශ්න කිරීමටත්, අනෙක් සිව්දෙනා ජනවාරි 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් නියෝග කර ඇත.