දුම්රිය ස්ථානාධිපති බඳවාගැනීමේ පටිපාටියේ පවතින ගැටලුවලට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, මෙම මස 23 වැනිදායින් පසු දැඩි වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
රාජ්ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ලැබී මාස 4ක් ගතවී ඇතත්, ඒවා මෙතෙක් ක්රියාත්මක නොකිරීම හේතුවෙන් සේවය තුළ බරපතල අර්බුදයක් හටගෙන ඇති බව එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අවධාරණය කරයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධනීය ප්රතිචාරයක් ලැබී නොමැති බව එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.