2026 ජූලි 29 බදාදා, 15:56
නවතම පුවත්

2026 ලොව හොඳම මධුසමය ගමනාන්ත අතර 5 වන ස්ථානය ගාල්ලට

ලොව ප්‍රකට සංචාරක වෙබ් අඩවියක් වන Tripadvisor හි “Travelers’ Choice Best of the Best” සම්මානාවලියට අනුව, 2026 වසරේ ලොව හොඳම මධුසමය ගමනාන්ත 10 අතර 5 වන ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ඓතිහාසික ගාල්ල නගරය සමත්ව ඇත. ලොව පුරා සංචාරකයන් විසින් ලබා දෙන ලද සැබෑ සමාලෝචන (Reviews) වල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය පදනම් කරගනිමින් මෙම ශ්‍රේණිගත කිරීම් සිදු කර තිබේ.

ගාල්ල නගරය මෙම ලැයිස්තුවට ඇතුළත් වීම විශේෂත්වයක් වන්නේ එය ඉතිහාසය සහ නව්‍ය අත්දැකීම් සොයන යුවළයන්ට කදිම නවාතැනක් වන බැවිනි. 16 වන සියවසේ පෘතුගීසීන් විසින් ආරම්භ කරන ලද ගාල්ල කොටු පවුර, එහි ඇති ගල් ඇතිරූ වීදි සහ පැරණි වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්ව ඇත. මීට අමතරව, ගාල්ල අවට පවතින සුන්දර වෙරළ තීරයන් සහ මුහුදු මට්ටමේ සිට අඩි 50ක් ගැඹුරින් පිහිටි මෙරට ප්‍රථම දිය යට කලාගාරය (Underwater Sculpture Museum) නැරඹීමට ද සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.

මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව පළමු ස්ථාන 10 මෙසේය:

බාලි, ඉන්දුනීසියාව (පළමු ස්ථානය)

මුරුසිය

මාලදිවයින

ශාන්ත ලුසියා

ගාල්ල, ශ්‍රී ලංකාව

හියු, වියට්නාමය

නැපා නිම්නය, කැලිෆෝනියා

පොසිටානෝ, ඉතාලිය

වටමු, කෙන්යාව

ඇන්ටිගුවා

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories