ඉදිරි පැය 36 ක කාලය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (16) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
මෙම වියළි කාලගුණයත් සමඟ දැඩි සීතලක් පවතින බැවින් උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරුමැද සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් රියදුරන් ඇතුළු මහජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.