2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

ගාල්ල පිළිකා ඒකකයේ විකිරණ ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම නවතී.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා ප්‍රතිකාර ඒකකයේ විකිරණ ප්‍රතිකාර කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ලබා දීම සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් (Linear Accelerator) යන්ත්‍රය පසුගිය සඳුදා දින (12 වෙනිදා) සිටත්, කොබෝල්ට් (Cobalt) විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය පසුගිය බදාදා දින (14 වෙනිදා) සිටත් මෙලෙස බිඳවැටීමට ලක්ව ඇත.

මෙම යන්ත්‍ර දෙකම අක්‍රිය වීම හේතුවෙන් දිනකට ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන් 130 කට ආසන්න පිරිසකගේ ජීවිත අවදානමකට ලක්ව තිබේ. සාමාන්‍යයෙන් ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට පිලිකා රෝගීන් 100 ක් සහ කොබෝල්ට් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය මගින් දිනකට රෝගීන් 25 ත් 30ත් අතර ප්‍රමාණයකට ප්‍රතිකාර කිරීම මේ වනවිට සිදුකරමින් පැවතිය ද, මෙලෙස යන්ත්‍ර බිඳවැටීම නිසා එම ප්‍රතිකාර සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇත.

රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පෙන්වා දෙන්නේ ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයේ නඩත්තු කටයුතු ප්‍රමාද වීමට අදාළ සේවා ගිවිසුම් නියමිත වේලාවට අත්සන් නොකිරීම ප්‍රධාන හේතුවක් වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අදාළ බලධාරීන් දැනුවත් කර තිබුණද මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

විකිරණ තාක්ෂණවේදීන් චෝදනා කරන්නේ මෙම යන්ත්‍ර මිලදී ගැනීම් සහ නඩත්තු ගිවිසුම්වලට අදාළ තාක්ෂණික කමිටු සඳහා විෂය පිළිබඳ ප්‍රවීණත්වයක් ඇති විකිරණ තාක්ෂණවේදීන් සම්බන්ධ කර නොගැනීම මෙවැනි ගැටලු උත්සන්න වීමට හේතු වී ඇති බවයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories