උතුරු දුම්රිය මාර්ගයේ පූර්ණ ප්‍රතිසංස්කරණ කටයුතු ඉන්දියානු ආධාර යටතේ අද (ජනවාරි 11) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් ලබන ජනවාරි 19 වනදා සිට මහව සහ ඕමන්ත අතර දුම්රිය ගමනාගමනය සීමා කිරීමට පියවර ගෙන ඇත. මෙම ඉදිකිරීම් කටයුතු සඳහා ඉන්දියාවෙන් ලබාදෙන ආධාර මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය කිරීම හරහා වඩාත් කාර්යක්ෂම සහ වේගවත් දුම්රිය සේවාවක් මගී ජනතාවට ලබා දීම මෙහි මූලික අරමුණයි.
මෙම කාලසීමාව තුළ මගීන්ට සිදුවන අපහසුතාව වළක්වා ගැනීම සඳහා විකල්ප ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.