පේරු රාජ්‍යයේ අද (08) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.5ක ප්‍රබලත්වයකින් වාර්තා වූ බවයි.
එරට වේලාවෙන් අද අලුයම 12:01 ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර, එය පොළොව මතුපිට සිට කිලෝමීටර් 107ක් පමණ ගැඹුරින් පිහිටි ප්‍රදේශයක සිදුව ඇත.
මෙම කම්පනය පේරු රාජ්‍යයට අසල්වැසි රාජ්‍යයක් වන ඉක්වදෝරයට ද දැනී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු වාර්තා වී නොමැත.