කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික ගනුදෙනු අද (07) පෙරවරු 9.53 ට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. කොටස් වෙළෙඳපොළ බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ ගනුදෙනු ආරම්භ වී සුළු වේලාවකින් අනතුරුවය.
අද දින පළමු වරට කොළඹ කොටස් වෙළෙඳපොළේ ද්වීයිතීක ගනුදෙනු සඳහා අවතීර්ණ වූ Wealth Trust Securities Limited සමාගමේ සිදුවූ අසාමාන්‍ය ගනුදෙනු කිහිපයක් මෙම තත්ත්වයට හේතු වී ඇත. එම සමාගමේ ගනුදෙනුවල නිරීක්ෂණය වූ අක්‍රමිකතා හෝ අසාමාන්‍ය මිල උච්චාවචනයන් හේතුවෙන් වෙළෙඳපොළ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මෙලෙස ගනුදෙනු නතර කර තිබේ.