2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:13
නවතම පුවත්

ජනපතිවරණයේදී ද්වන්ධ සටනක් සිදුවී මාලිමා නායක අනුර පරාද වන බව පොහොට්ටුව අතැර සජබයට ආ ගොඩහේවා කියයි

මෙවර ජනාධිපතිවරණ මැතිවරණයේ අවසාන දින කිහිපයේදී ද්වන්ධ සටනක් සිදුවන බවත් එයින් ජාතික ජනබලවේගයේ (මාලිමාවේ) ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා
අනිවාර්යෙන්ම පරාජයට පත්වන බවත් පොහොට්ටුව අතැර සමගි ජන බලවේගයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කොට තිබේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාලක ගොඩහේවා මහතා බිම් මට්ටමේ ඡන්ද වැඩිම පක්ෂ ප්‍රමාණයක සහාය විපක්ෂ නායක සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත්, උතුරු නැඟෙනහිර ඡන්ද සහ කඳුකරයේ සුළු ඡන්ද ලැබෙනුයේ සජිත් ප්‍රේමදාසට මහතාට බවද පවසා ඇත.
2019 දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අලුතෙන් ඡන්දදායකයින් බවට පත් වූ අයගෙන් ලක්ෂ හතක් පමණ සිටින බව ද ගියවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලබාගත් ලක්ෂ 69ක් වූ ඡන්ද වලින් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්ති මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආවේණික ඡන්ද වලින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසියම් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ද පවසා ඇත.
එම ලක්ෂ 69න් පාවෙන ඡන්ද වලින් සියට අසූවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ජයග්‍රහණය කිරීමටනම් ලබා ගැනීමට සිදුවන බව ද නාලක ගොඩහේවා මහතා වැඩි දුරටත් මාධ්‍ය හමුව අමතමින් පවසා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව බස් වලින් ගෙනවිත් රැළි පැවැත් වුවද ආසන මට්ටමේ රැස්වීම් වලට ජනතාව රැස් කිරීමට අපොහොසත් බව ද නාලක ගොඩහේවා මහතා පවසා ඇති අතර
“අනුර කුමාරට, රනිල් දිහාට රාජපක්ෂ පවුලට ඇගිල්ල දික් කරාම වැරදි කරුවන්, හොරු හොයාගන්න පුළුවන් බවත් ඔවුන් ළග ඇත්තේ අධිකරණයෙන් පවා වැරැදිකරුවන් බවට පත් වූ අය බවත්, සජිත් කදවුරේ නඩු තියෙන අය විමර්ශන තියෙන අය නොමැති බව ද පවසා ඇති පොහොට්ටුව අද කරකියා ගැනීමට දෙයක් නොමැති බව ද නාලක ගොඩහේවා මහතා මාධ්‍ය අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories