2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 16:36
නවතම පුවත්

ජනපතිවරණයේදී ද්වන්ධ සටනක් සිදුවී මාලිමා නායක අනුර පරාද වන බව පොහොට්ටුව අතැර සජබයට ආ ගොඩහේවා කියයි

මෙවර ජනාධිපතිවරණ මැතිවරණයේ අවසාන දින කිහිපයේදී ද්වන්ධ සටනක් සිදුවන බවත් එයින් ජාතික ජනබලවේගයේ (මාලිමාවේ) ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා
අනිවාර්යෙන්ම පරාජයට පත්වන බවත් පොහොට්ටුව අතැර සමගි ජන බලවේගයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා කොළඹදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කොට තිබේ.
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නාලක ගොඩහේවා මහතා බිම් මට්ටමේ ඡන්ද වැඩිම පක්ෂ ප්‍රමාණයක සහාය විපක්ෂ නායක සහ සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ඇති බවත්, උතුරු නැඟෙනහිර ඡන්ද සහ කඳුකරයේ සුළු ඡන්ද ලැබෙනුයේ සජිත් ප්‍රේමදාසට මහතාට බවද පවසා ඇත.
2019 දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට අලුතෙන් ඡන්දදායකයින් බවට පත් වූ අයගෙන් ලක්ෂ හතක් පමණ සිටින බව ද ගියවර ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලබාගත් ලක්ෂ 69ක් වූ ඡන්ද වලින් හිටපු ජනාධිපති, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්ති මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට ආවේණික ඡන්ද වලින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට කිසියම් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැකි බව ද පවසා ඇත.
එම ලක්ෂ 69න් පාවෙන ඡන්ද වලින් සියට අසූවක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ජයග්‍රහණය කිරීමටනම් ලබා ගැනීමට සිදුවන බව ද නාලක ගොඩහේවා මහතා වැඩි දුරටත් මාධ්‍ය හමුව අමතමින් පවසා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව බස් වලින් ගෙනවිත් රැළි පැවැත් වුවද ආසන මට්ටමේ රැස්වීම් වලට ජනතාව රැස් කිරීමට අපොහොසත් බව ද නාලක ගොඩහේවා මහතා පවසා ඇති අතර
“අනුර කුමාරට, රනිල් දිහාට රාජපක්ෂ පවුලට ඇගිල්ල දික් කරාම වැරදි කරුවන්, හොරු හොයාගන්න පුළුවන් බවත් ඔවුන් ළග ඇත්තේ අධිකරණයෙන් පවා වැරැදිකරුවන් බවට පත් වූ අය බවත්, සජිත් කදවුරේ නඩු තියෙන අය විමර්ශන තියෙන අය නොමැති බව ද පවසා ඇති පොහොට්ටුව අද කරකියා ගැනීමට දෙයක් නොමැති බව ද නාලක ගොඩහේවා මහතා මාධ්‍ය අමතමින් වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories