2026 ජූලි 29 බදාදා, 21:47
නවතම පුවත්

අනුරත් පරණ කුණු කූඩයටම අත දමයි!” – රජයේ නව ත්‍රස්ත පනත මර්දනකාරී ‘කොපියක්’

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් ඉදිරිපත් කර ඇති නව රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) වහාම හකුලා ගන්නා ලෙස ‘දිනන දකුණ’ සාමූහිකය රජයට බලකර සිටියි.

පැරණි මර්දනකාරී නීතිවලම තවත් දිගුවක් ලෙස පෙනී යන මෙම කෙටුම්පත වෙනුවට, පුරවැසි අයිතිවාසිකම් සුරකින නව පනතක් පුළුල් මහජන කතිකාවතකින් පසු හඳුන්වා දිය යුතු බව එම සංවිධානය අවධාරණය කරයි.

“දෙපැත්ත කැපෙන ආයුධයක්”

ත්‍රස්තවාදයෙන් මානව වර්ගයා ආරක්ෂා කිරීම රජයක වගකීමක් වුවද, ත්‍රස්තවාදයට එරෙහි වීම මුවාවෙන් සිවිල් වැසියන් මර්දනය කරන ‘දෙපැත්ත කැපෙන ආයුධයක්’ බඳු දරුණු නීති (Draconian Laws) ගෙන ඒමට තමන් කොන්දේසි විරහිතව විරුද්ධ වන බව ‘දිනන දකුණ’ සාමූහිකය පවසයි.

ඉතිහාසයේ විරෝධාභාසය

1979 සිට ක්‍රියාත්මක වූ PTA පනත මගින් දැඩි ලෙස පීඩාවට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ රජයක්, නැවතත් එවැනිම මර්දනකාරී ස්වරූපයක් සහිත පනතක් ගෙන ඒම “දෛවෝපගත විරෝධාභාසයක්” බව නිවේදනයේ සඳහන් වේ. මෙම නව පනත මගින් නීතියේ ආධිපත්‍යය වෙනුවට දඬුවමට ඇති බිය මත පුරවැසියා පාලනය කිරීමට උත්සාහ කරන බවට එම සංවිධානය චෝදනා කරයි.

ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන තර්ජන

මෙම පනත් කෙටුම්පතෙහි ඇති බරපතලම ගැටලු කිහිපයක් දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි:

  • දේශපාලන මර්දනය: “ත්‍රස්ත ක්‍රියාව” යන්න අර්ථ දක්වා ඇත්තේ ස්වාධීන රාජ්‍යයට එරෙහි ක්‍රියාවලට වඩා දේශපාලන රජයට එරෙහි ක්‍රියා ඉලක්ක කරගත හැකි ආකාරයටය.
  • බලතල වෙන්කිරීමේ මූලධර්මය උල්ලංඝනය කිරීම: වරදක් සම්බන්ධ තීරණ ගැනීම මහේස්ත්‍රාත් අධිකරණයේ ස්වාධීන ක්‍රියාවලියකට වඩා, විධායකය යටතේ පවතින අමාත්‍යාංශ ලේකම්වරයාගේ තීරණය මත පදනම් වීම.
  • නිර්දෝෂී බවේ පූර්ව නිගමනය අහිමි වීම: සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය වෙනුවට, වරෙන්තු රහිත සෝදිසි කිරීම් සහ පොලිස් අභිමතය පරිදි රැස්කරන සාක්ෂි මත පුද්ගලයෙකු වරදකරු කිරීමට ඇති ඉඩකඩ වැඩි වීම.

මර්දනකාරී නීතිවලින් ත්‍රස්තවාදය නැවැත්විය හැකිද?

21 වන සියවසේ ත්‍රස්තවාදය පිටුදැකීමට 20 වන සියවසේ මර්දනකාරී නීති ආකෘති භාවිතා කිරීම ප්‍රායෝගික විසඳුමක් නොවන බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි. මේ නිසා මෙම කෙටුම්පත ඉවත් කර, නිවැරදි පුද්ගලයන් දහස් ගණනක් වරදකරුවන් වීමට ඇති ඉඩකඩ මඟහරවා ගනිමින් නවීන ලෝකයට ගැළපෙන නව පනතක් සකස් කරන ලෙස ඔවුහු රජයට බලකර සිටිති.

‘දිනන දකුණ’ සාමූහිකය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය පහතින්..

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories