2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

ඉතිහාසයේ වැඩිම සංචාරක පිරිස මෙරටට පැමිණෙයි

ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රය සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 2,333,797 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය ශ්‍රී ලංකාව තුළ වසරක් තුළ වාර්තා වූ වැඩිම සංචාරක පැමිණීම ලෙස ඉතිහාසයට එක්වන අතර, මෙරට ප්‍රධානතම සංචාරක වෙළඳපොළ ලෙස ඉන්දියාව තවදුරටත් පෙරමුණේ පසුවේ.

ඉන්දියාවේ තිරුවානන්තපුරම් සිට ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 162 දරන ගුවන් යානයෙන් අද දිනයේ පැමිණි සංචාරකයින් පිරිසත් සමඟ මෙම ඓතිහාසික වාර්තාව සම්පූර්ණ විය. මෙලෙස පැමිණි 2,333,797 වන සංකේතාත්මක සංචාරකයින් ලෙස මහාචාර්ය ෆීලික්ස් බෙස්ලින් පෙරේරා, රීනා ප්‍රනාන්දු සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා යන ඉන්දියානු පවුලේ සාමාජිකයින් ගුවන්තොටුපොළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පසුගිය දිනවල දිවයිනට බලපෑ සුළි කුණාටු ඇතුළු අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ වුවද මෙම ඉලක්කය සපුරා ගැනීමට හැකි වීම විශේෂත්වයකි. සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශවකරුවන්, රාජ්‍ය ආයතන, ගුවන් සහ ප්‍රවාහන සේවා, ආරක්ෂක අංශ මෙන්ම ප්‍රාදේශීය ප්‍රජාව ඒකාබද්ධව දැක්වූ දායකත්වය හේතුවෙන් බාධාකාරී තත්ත්වයන් මඟහරවා ගනිමින් සංචාරක කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව බලධාරීහු පවසති.

මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සතු ශක්තිමත්භාවය මනාව පිළිඹිබු කරන්නකි. එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ ප්‍රතිලාභ ගම් මට්ටමේ ජනතාව වෙත සහ දේශීය ජීවනෝපායන් නඟාසිටුවීම සඳහා සෘජුවම දායක කර ගැනීමට රජය දක්වන කැපවීම ද මෙයින් මනාව පැහැදිලි වන බව සංචාරක අංශ වැඩිදුරටත් සඳහන් කරයි.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories