2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරස්‍රයේදී

දශක හතකට අධික කාලයක් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය සිය මියුරු හඬින් ඒකාලෝක කළ හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු එළැඹෙන දෙසැම්බර් 31 වන බදාදා සිදු කිරීමට නියමිතය. රෝගී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වන විට ඇය 91 වන වියේ පසුවූවාය.

ගීත කෝකිලාවියගේ දේහය අද පස්වරු 3.00 සිට රාත්‍රී 10.00 දක්වා පුද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙන අතර, මහජන ගෞරවය සඳහා අවස්ථාව සලසා දී තිබේ. අනතුරුව ලබන 31 වනදා දේහය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය වෙත රැගෙන ඒමට නියමිත අතර, එදින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදු කිරීමට කටයුතු යොදා ඇත.

1934 වසරේදී රීටා ජෙනවිට් ප්‍රනාන්දු ලෙස උපත ලැබූ ඇය, පසුකාලීනව ලතා වල්පොල යන නමින් ජනාදරයට පාත්‍ර වූවාය. 1946 වසරේදී එවකට රේඩියෝ සිලෝන් ආයතනයෙන් සිය ප්‍රථම ගායනය ඉදිරිපත් කරන විට ඇය 12 හැවිරිදි වියේ පසුවූවාය. එතැන් පටන් ඇය ගායනා කර ඇති සමස්ත ගීත සංඛ්‍යාව හයදහසකට අධික වන අතර ඒ අතරට විදේශීය භාෂාවලින් ගායනා කළ ගීත ද ඇතුළත් වීම විශේෂත්වයකි.

සිනමාවේ සදාකාලික ගී රාජිනිය ලෙස විරුදාවලිය ලත් ඇය, 1953 වසරේදී එදා රෑ චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසියාය. දශක කිහිපයක් පුරා දිවගිය ඇගේ කලා ජීවිතය තුළ චිත්‍රපට 600කට අධික සංඛ්‍යාවකට හඬ දායකත්වය ලබා දී ඇත. සරසවි සම්මාන 5ක්, ජනාධිපති සම්මාන 2ක් සහ කලාශූරී සම්මානය ඇතුළු දේශීය හා විදේශීය ගෞරව සම්මාන රැසකින් ඇය පිදුම් ලැබුවේ අසමසම ගායන කෞශල්‍යය හේතුවෙනි.

ලතා වල්පොල මහත්මියගේ අභාවය වෙනුවෙන් කලා ලෝකයේ ප්‍රවීණයන් සහ රසික ජනතාව සිය ශෝකය පළ කර සිටින අතර, ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉතිරි කර ගිය මතකය යුග ගණනාවක් පුරා නොමැකී පවතිනු ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories