2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:31
නවතම පුවත්

වෛද්‍යවරුන් පැය දෙකක් විරෝධතාවකට සුදානම් වෙයි

සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කරමින්.

ඒ අනුව අද (03) දහවල් 12.00 සිට 2.00 දක්වා රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට නියමිතයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර දිස්ත්‍රික් මහ රෝහල, තංගල්ල මූලික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා සිදු කෙරෙනු ඇති.

කුරුණෑගල ශික්ෂණ රෝහල, හලාවත දිස්ත්‍රික් මහ රෝහල සහ බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරියේ දී විරෝධතා පැවැත්වෙන බවයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ.

මොණරාගල රෝහල, අම්පාර මහා රෝහල, කල්මුනේ අශ්රෆ් අනුස්මරණ රෝහල, කන්තලේ මූලික රෝහල සහ මඩකලපුව මූලික රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වීමට නියමිතයි.

යාපනය ශික්ෂණ රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, කෑගල්ල මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වෙනවා.

පොළොන්නරුව මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට ද වෛද්‍යවරුන් උද්ඝෝෂණ පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

එමෙන්ම බස්නිහාර පළාතේ උද්ඝෝෂණ සහ විරෝධතා මාලාව පැවැත්වෙන්නේ, බ්‍රහස්පතින්දා (05) දිනයේයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories