2026 ජූලි 31 සිකුරාදා, 23:47
නවතම පුවත්

වෛද්‍යවරුන් පැය දෙකක් විරෝධතාවකට සුදානම් වෙයි

සියලු දිස්ත්‍රික් ආවරණය කරමින් උද්ඝෝෂණ සහ විරෝධතා මාලාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කරමින්.

ඒ අනුව අද (03) දහවල් 12.00 සිට 2.00 දක්වා රෝහල් ඉදිරිපිට මෙම උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීමට නියමිතයි.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර දිස්ත්‍රික් මහ රෝහල, තංගල්ල මූලික රෝහල ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා සිදු කෙරෙනු ඇති.

කුරුණෑගල ශික්ෂණ රෝහල, හලාවත දිස්ත්‍රික් මහ රෝහල සහ බදුල්ල ශික්ෂණ රෝහල ඉදිරියේ දී විරෝධතා පැවැත්වෙන බවයි, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ.

මොණරාගල රෝහල, අම්පාර මහා රෝහල, කල්මුනේ අශ්රෆ් අනුස්මරණ රෝහල, කන්තලේ මූලික රෝහල සහ මඩකලපුව මූලික රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වීමට නියමිතයි.

යාපනය ශික්ෂණ රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, කෑගල්ල මහ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ද විරෝධතා පැවැත්වෙනවා.

පොළොන්නරුව මහ රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, මාතලේ දිස්ත්‍රික් මහ රෝහල සහ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිට ද වෛද්‍යවරුන් උද්ඝෝෂණ පැවැත්වීමට සැලැසුම් කර තිබෙනවා.

එමෙන්ම බස්නිහාර පළාතේ උද්ඝෝෂණ සහ විරෝධතා මාලාව පැවැත්වෙන්නේ, බ්‍රහස්පතින්දා (05) දිනයේයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories