2026 ජූලි 26 ඉරිදා, 08:43
නවතම පුවත්

ග්‍රාම නිලධාරිනියකට තර්ජනය කළ මාලිමා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට!

අනතුරකින් පසු බැන වැදී දුරකථනයෙන් ද තර්ජනය කළ බවට චෝදනා

කාන්තා ග්‍රාම නිලධාරීවරියකට වාචිකව අපහාස කර තර්ජනය කිරීමේ චෝදනාව මත ජාතික ජන බලවේගය (NPP) නියෝජනය කරන පුත්තලම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු අද (26) අලුයම මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රාදේශීය සභාවේ මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරන මන්ත්‍රීවරයා වේ.

පැමිණිලිකාර ග්‍රාම නිලධාරීවරිය පවසන පරිදි, පසුගිය දෙසැම්බර් 05 වන දින ඇය ආපදා කළමනාකරණ රාජකාරියක යෙදී සිටියදී ඇය ගමන් කළ යතුරුපැදිය මෙම මන්ත්‍රීවරයා පදවාගෙන ආ කුඩා ලොරි රථයක ගැටී ඇත. එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමාට අසභ්‍ය වචනයෙන් බැන වැදී අපහාස කළ බව ඇය පවසයි.

අනතුර සම්බන්ධයෙන් ඇය මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව, දෙසැම්බර් 08 වන දින පැවැති ආපදා කමිටු රැස්වීමකින් පසුව මන්ත්‍රීවරයා තමාට දුරකථනයෙන් අමතා යළිත් වාචිකව හිරිහැර කර තර්ජනය කළ බවට ද ඇය චෝදනා කරයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය කළ දැනුම්දීමකට අනුව මන්ත්‍රීවරයා අද උදෑසන මුන්දලම පොලිසියට භාර වී ඇත. එහිදී ඔහු අත්අඩංගුවට ගත් අතර, සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories