2026 ජූලි 29 බදාදා, 14:56
නවතම පුවත්

අඩාල වූ රෝහල් සහ නිවාස ව්‍යාපෘති රැසක් යළි ඇරඹෙයි

පසුගිය කාලසීමාව තුළ රටේ පැවති කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් අතරමග නතර වී තිබූ ප්‍රධාන පෙළේ රෝහල් ඉදිකිරීම් සහ නිවාස ව්‍යාපෘති රැසක් කඩිනමින් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සහ නාගරික නිවාස පහසුකම් සැලසීමේ අරමුණින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත.

ඒ අනුව දිවයින පුරා ප්‍රධාන රෝහල් අටක ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතය. කෑගල්ල මූලික රෝහලේ සහ හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකක, රත්නපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ගොඩනැගිල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ මහල් 10 කින් යුත් ශල්‍ය වාට්ටු සංකීර්ණය සහ පොළොන්නරුව රෝහලේ ආඝාත ප්‍රතිකාර ඒකකය ඒ අතර ප්‍රධාන වේ. මීට අමතරව කළුබෝවිල සහ රාගම රෝහල්වල ද අත්හිටුවා තිබූ ගොඩනැගිලි ව්‍යාපෘති යළි වේගවත් කෙරෙනු ඇත.

නාගරික සංවර්ධන ක්ෂේත්‍රය යටතේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන නිවාස ව්‍යාපෘති දෙකක ඉතිරි වැඩ නිම කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කොළඹ 07 ටොරින්ටන් මාවතේ නිවාස ඒකක 115 කින් යුත් ව්‍යාපෘතියේ කටයුතු සීමාසහිත සතුට බිල්ඩර්ස් සමාගම වෙතත්, කිරුළපන කොළඹගේ මාවතේ නිවාස ඒකක 615 කින් යුත් දැවැන්ත නිවාස ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිම කිරීමේ කොන්ත්‍රාත්තුව ඇක්සස් ඉංජිනියරින් සමාගම වෙතත් පිරිනැමීමට තීරණය කර ඇත.

ආර්ථික සංවර්ධනයට දායකත්වයක් ලබා දීමේ පියවරක් ලෙස කොළඹ කොටුව චැතම් වීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩමක් වසර 99 ක බදු පදනම මත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ලබා දීමට ද රජය තීරණය කර තිබේ. මීට පෙර ඒ සඳහා ආයෝජකයෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් පෞද්ගලික අංශයේ ආයෝජකයන්ගෙන් නැවත සංවර්ධන යෝජනා කැඳවීමට මෙහිදී අනුමැතිය හිමි විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories