2026 ජූලි 26 ඉරිදා, 20:57
නවතම පුවත්

බෝල රෝල් කරපු රෝල් බෝල් සංගමය; ශ්‍රී ලංකා පිල අතරමං

වීසා ගැටලු නිසා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් පිරිසකට තරඟාවලිය අහිමි වෙයි..

ඩුබායි හි පැවැති 7 වැනි රෝල් බෝල් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම්, ශ්‍රී ලංකා රෝල් බෝල් සංගමයේ නිලධාරීන්ගේ දැඩි වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වූ බවට චෝදනා කරති. තරඟාවලිය නිමවා මෙරටට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජනමාධ්‍ය හමුවේ පවසා සිටියේ නිසි කළමනාකරණයක් නොමැති වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට සිය උපරිම දක්ෂතා දැක්වීමට නොහැකි වූ බවයි.

සංගමය නියමිත වේලාවට වීසා අයදුම් කිරීමට අපොහොසත් වීම නිසා කණ්ඩායම් දෙකෙහිම පුහුණුකරුවන්, කළමනාකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට ඩුබායි බලා යාමට නොහැකි වී තිබේ.

දෙසැම්බර් 13 වන දින සියලු දෙනාට පිටත්ව යාමට නියමිතව තිබුණද, වීසා ලැබුණු අයට පමණක් පිටත්ව යන ලෙස සංගමය කළ දැනුම්දීම නිසා කණ්ඩායම විසිරී ගොස් ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා ඉතා හොඳින් තරඟ කළද, පුහුණුකරුවන් සහ අතිරේක ක්‍රීඩිකාවන් නොමැති වීම හේතුවෙන් දැඩි මානසික සහ තාක්ෂණික පීඩනයකට මුහුණ දීමට ඔවුන්ට සිදු විය.

“අවසන් මොහොත දක්වාම අපේ පුහුණුකරුවන් සහ අනෙක් අය එනකම් අපි බලාගෙන හිටියා. නමුත් ඔවුන් ආවේ නැහැ. තරඟයක් ආරම්භ වෙලා දින දෙකකට පස්සේ වීසා අයදුම් කරන්න බැරි බව සංගමය දැනගෙනත් අපිට ඒක කිව්වේ නැහැ,” යනුවෙන් කණ්ඩායමේ සාමාජිකාවක් කඳුළු සලමින් ප්‍රකාශ කළාය.

මෙම සිදුවීමෙන් පෙනී යන්නේ ජාත්‍යන්තර මට්ටමේ තරඟාවලියකට සහභාගී වන ක්‍රීඩකයන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට වඩා, ඔවුන්ව හුදෙක් “සහභාගීත්වය” සඳහා පමණක් යොමු කිරීමට සංගමය කටයුතු කර ඇති බවයි. ක්‍රීඩකයන් පෙන්වා දෙන්නේ සංගමයේ නිලධාරීන් මෙම වීසා ගැටලුව පිළිබඳව කලින්ම දැන සිටි බවයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝල් බෝල් සංගමයේ නිලධාරීන් සිදු කළ මෙම වගකීම් විරහිත ක්‍රියාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ය.

ජාත්‍යන්තර තරඟාවලි සඳහා සහභාගී වීමේදී ක්‍රීඩකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

    නවතම පුවත්

    WhatsApp Image 2026-07-21 at 10.01
    JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
    ජනතා විමුක්ති පෙරමුණේ...
    ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
    විකල්ප ප්‍රතිපත්ති...
    මීගමුව බන්ධනාගාර...
    මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
    මීගමුව බන්ධනාගාරය...

    උණුසුම් පුවත්

    WhatsApp Image 2026-07-21 at 10.01
    JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
    ජනතා විමුක්ති පෙරමුණේ...
    ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
    විකල්ප ප්‍රතිපත්ති...
    මීගමුව බන්ධනාගාර...
    මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
    මීගමුව බන්ධනාගාරය...

    දේශපාලන

    පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
    අධිකරණ අපහාසයට මුවාවෙමින්...
    ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
    නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
    sxcdvfgbhjk
    මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
    මහා භාණ්ඩාගාරයෙන්...
    jh
    කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
    ශ්‍රීලන්කන් ගුවන්...

    Categories