2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

ඇල්ලේ කුලී රථ රියදුරන්ගේ ගැටුම දුරදිග යයි :පොලීසියේ දෙදෙනෙකුට තැන් මාරු

ඇල්ල සංචාරක කලාපය තුළ ප්‍රදේශයේ කුලී රථ රියදුරන් සහ පිටතින් පැමිණි රියදුරන් පිරිසක් අතර ඇති වූ උණුසුම්කාරී තත්ත්වයක් දැක්වෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මෙම සිදුවීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්වීමත් සමඟ බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමු වී ඇත.

අදාළ වීඩියෝ දර්ශනවල පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ පෙනී සිටින අතර, ඔවුන් රියදුරන් වෙත උපදෙස් ලබාදෙන ආකාරය ද එහි සටහන්ව තිබේ. කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව පැන නැගුණු ගැටලු සහ ඉදිරි විනය පරීක්ෂණ සලකා බලා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සිද්ධියට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් දෙදෙනාට විනය පරීක්ෂණවලට යටත්ව ඇල්ල පොලිස් ස්ථානයේ සිට බණ්ඩාරවෙල පොලිස් ස්ථානය දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා මේ බව තහවුරු කළේය.

සංචාරක කලාපවල මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වීම සංචාරක කර්මාන්තයට අහිතකර ලෙස බලපාන බැවින්, ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමටත් ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමටත් පොලීසිය දැඩි අවධානයෙන් පසුවන බව ද සඳහන් වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories