2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 09:59
නවතම පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කාදිනල් හිමිගෙන් රජයට දැඩි අවවාදයක්

රජය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් දෙමව්පියන් සතු අයිතිවාසිකම් උදුරා ගැනීමට උත්සාහ කරන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ වයස අවුරුදු හයක දරුවන්ගේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත ලිංගික අධ්‍යාපන පාඨමාලා හරහා දරුවන්ට විවිධ විෂමතා හුරු කිරීමට කටයුතු කරමින් පවතින බවයි.

හංවැල්ල පහත්ගම දේවස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ මෙරටට උරුම වූ ප්‍රබල සංස්කෘතියක් සහ සභ්‍යත්වයක් පවතින බවයි. බුද්ධාගම, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි යන සෑම ආගමකින්ම පෝෂණය වූ එම සාරධර්ම පද්ධතිය තුළ විවාහය, දරුවන් හදා වඩා ගැනීම සහ ලිංගිකත්වය පිළිබඳව පැහැදිලි ආදර්ශ මාලාවක් පවතින බව උන්වහන්සේ සිහිපත් කළහ.

විදේශීය රටවලින් හෝ ජාත්‍යන්තර සංවිධානවලින් ලැබෙන ආධාර මුදල් මත යැපෙමින් අපේ රටේ සංස්කෘතික ප්‍රතිපත්ති පාවා දීමට කිසිදු රජයකට අයිතියක් නොමැති බව කාදිනල් හිමිපාණෝ පවසති. බටහිර ලෝකයේ පවතින විෂමතාවයන් මෙරට සංස්කෘතියට බලහත්කාරයෙන් ඇතුළත් කිරීමට උත්සාහ කරන්නේ නම් එවැනි පාලනයක් පිළිගත නොහැකි බව ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන මඟින් පටවන ඇතැම් ආකල්ප නිසා දෙමව්පියන් සහ දරුවන් අතර පවතින ආදරණීය බැඳීම විනාශ වන බව උන්වහන්සේගේ අදහසයි. දරුවන්ට මානව අයිතිවාසිකම් තිබීම සත්‍යයක් වුවද, එම අයිතිවාසිකම් මුවාවෙන් දරුවන් දෙමව්පියන්ට විරුද්ධ කරන ක්‍රමවේදයන් කිසිසේත්ම අනුමත කළ නොහැකි බව කාදිනල් හිමිපාණෝ මෙහිදී අවධාරණය කළහ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories