2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 20:38
නවතම පුවත්

ගංවතුරෙන් වගාබිම් පාලු වෙයි: එළවළු මිල අහස උසට

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයින පුරා වගාබිම් රැසක් විනාශ වීමත් සමඟ වෙළඳපොළේ එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. විශේෂයෙන්ම උඩරට එළවළුවලට සාපේක්ෂව පහතරට එළවළු මිල දෛනිකව සැලකිය යුතු මට්ටමකින් ඉහළ යමින් පවතින බව පාරිභෝගික ජනතාව මැසිවිලි නගති.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික මිල දර්ශනයට අනුව ඊයේ දිනය වන විට පිටකොටුව, දඹුල්ල සහ නාරාහේන්පිට වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් පවතින්නේ ඉතා ඉහළ මට්ටමකය. ඒ අනුව බෝංචි කිලෝවක සිල්ලර මිල රුපියල් 600ත් 800ත් අතර අගයක් ගෙන ඇති අතර, තක්කාලි කිලෝවක් රුපියල් 500ත් 600ත් අතර මිලකට අලෙවි වේ.

අමු මිරිස් මිලෙහි ද කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර එහි කිලෝවක සිල්ලර මිල රුපියල් 1100ත් 1200ත් අතර පරාසයක පවතී. මීට අමතරව පතෝල කිලෝවක් රුපියල් 600ත් 700ත් අතර මිලකටත්, වම්බටු කිලෝවක් රුපියල් 550ත් 800ත් අතර මිලකටත් අලෙවි වී ඇති බව වාර්තා වේ.

කැරට් සහ ගෝවා වැනි එළවළු වර්ග ද රුපියල් 300ත් 500ත් අතර සිල්ලර මිල ගණන් යටතේ වෙළඳපොළේ පවතියි. වගාබිම් විනාශ වීම නිසා වෙළඳපොළට එළවළු පැමිණීම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories