2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත නිසා තවත් රෝගීන් පිරිසක් අනතුරේ

මතභේදයට තුඩු දී ඇති ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ලබා දීමෙන් පසුව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ රෝගීන් කිහිපදෙනෙකුට ද බරපතළ සංකූලතා මතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනාවරණය කළේය. වෛද්‍ය සැපයුම් අංශයේ දත්තවලට අනුව මේ වසර තුළ පමණක් මෙරට ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලු මතු වූ අවස්ථා අනූවකට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, අදාළ සමාගම විසින් මෙරටට ගෙන්වන ලද ඖෂධ වර්ග නවයක් මේ වන විටත් භාවිතයෙන් ඉවත් කර ඇති බවයි. අලුතින් අනාවරණය වූ තොරතුරුවලට අනුව, මෙම ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත තුළ බැක්ටීරියාවක් අන්තර්ගත වී තිබීම මෑතකදී වාර්තා වූ බරපතළම සිදුවීම බව වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

මෙම ඖෂධ ජාවාරම පිටුපස විවිධ දේශපාලඥයන්ගේ සහ ඔවුන්ගේ සමීපතයන්ගේ නම් කියැවෙන බවත්, පවතින ඖෂධ මාෆියාව රට පුරා සිය අණසක පතුරුවා ඇති බවත් වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඖෂධ ආනයනයේදී සිදුවන මෙවැනි බරපතළ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට පැවරෙන වගකීමෙන් කිසිලෙසකිනුත් ඔවුන්ට මිදිය නොහැකි බව ද හෙතෙම අවධාරණය කළේය.

ඉතිහාසය පුරා ක්‍රියාත්මක වූ දූෂිත ඖෂධ ජාවාරම වර්තමානයේදී ද එලෙසම සිදුවන බව පවසන වෛද්‍යවරුන්, මෙවැනි සිදුවීම්වලදී හුදෙක් නිලධාරීන්ට පමණක් ඇඟිල්ල දිගු කර දේශපාලන අධිකාරියට නිදහස් විය නොහැකි බව පවසති. රෝගීන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරන මෙම ඖෂධ මාෆියාව පරාජය කිරීම සඳහා වහාම ක්‍රමවත් විමර්ශනයක් සහ දඬුවම් ලබා දීමේ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories