2026 ජූලි 31 සිකුරාදා, 05:17
නවතම පුවත්

උඩරට දුම්රිය ධාවනය අති දුෂ්කර බව ඉංජිනේරුවන් කියති

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දැඩි වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම විශාල වශයෙන් නායයෑම් සිදු වී තිබේ. මේ හේතුවෙන් කොටගල සිට අඹේවෙළ දක්වා වූ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් බව දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරුන් අනාවරණය කර සිටියි.

ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටින නානුඔය සහ හැටන් දුම්රිය ස්ථානවල නඩත්තු ඉංජිනේරුවන් පවසන්නේ කොටගල, ග්‍රේට් වෙස්ටන්, නානුඔය, පැරකුම්පුර සහ අඹේවෙළ යන දුම්රිය ස්ථාන ආසන්නයේ පිහිටි අධික බෑවුම් සහිත ප්‍රදේශවල දුම්රිය මාර්ගයේ මීටර් 50 සිට 100 දක්වා වූ කොටස් සම්පූර්ණයෙන්ම නායගොස් ඇති බවයි. මෙම නායයෑම් සමඟ දුම්රිය පීලි සහ සිල්බරම් කොටවලට ද දැඩි හානි සිදු වී තිබේ.

විශේෂයෙන්ම ග්‍රේට් වෙස්ටන් කඳුවැටියට පහළින් පිහිටි දුම්රිය මාර්ගය නායගිය ස්ථානයේ පස් පිරවීමට හෝ මාර්ගය වෙනත් දිශාවකට කැපීමට නොහැකි භූගෝලීය තත්ත්වයක් පවතින බව ඉංජිනේරුවරු පෙන්වා දෙති. පවතින සංකීර්ණ තත්ත්වය මත කොටගල සිට නානුඔය දක්වා වූ කොටසේ දුම්රිය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇතැයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර, නාවලපිටියේ සිට කොටගල දක්වා වූ මාර්ග කොටස පිළිසකර කිරීමෙන් පසු ඉකුත් 16 වනදා සේවා දුම්රියක් කොටගල දක්වා ධාවනය කර ඇති අතර, බණ්ඩාරවෙළ සිට අඹේවෙළ දක්වා තවත් සේවා දුම්රියක් පසුගිය 15 වනදා ධාවනය කර ඇත. කෙසේ වෙතත්, මැද කොටසේ පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් සම්පූර්ණ උඩරට දුම්රිය ධාවනය තවදුරටත් සීමා වී පවතී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories