2025 අධ්‍යයන වර්ෂයේ තෙවන පාසල් වාරය සඳහා 6 – 10 ශ්‍රේණි සඳහා වාර පරීක්ෂණය නොපැවැත්වීමට උපදෙස් ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා වාර පරීක්ෂණ පැවැත්වීම සිදු නොකරන ලෙස නිකුත් කර ඇති උපදෙස් අනිවාර්යයෙන් ක්‍රියාත්මක කරන ලෙසට අදාළ නිලධාරීන්ට හා විශේෂයෙන්ම සියලු විදුහල්පතිවරුන් වෙත දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.