පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොළොන්නරුව ලංකාපුර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයකු අත්අඩංගුවට ගෙන ඇත.
ආපදා සහනාධාර බෙදා දීමේ අවස්ථාවක මෙම සිදුවීමට අදාළ පුද්ගලයාට, අදාළ මන්ත්රීවරයා පහරදී මරණයට පත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
සහනාධාර බෙදා දීමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව තිබේ. මෙම ගැටුමට සම්බන්ධ වූ තවත් තරුණයෙකුද තුවාල ලබා ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සර්ව ජන බලය නියෝජනය කරමින් පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්රීවරයෙකි