2026 මාර්තු 21 සෙනසුරාදා, 00:44
නවතම පුවත්

සැත්කම් රෝගීන්ට ලබා දෙන එන්නතක් තහනම්

ශල්‍යකර්මවලට ලක් කරන රෝගීන්ට ලබාදෙන අත්‍යවශ්‍ය එන්නතක් වන Ondansetron එන්නත විෂ වීමෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ (IDH) රෝගියකු සංකූලතාවට ලක්වී මිය ගිය බවට සැලකෙන සිද්ධියක් මුල්කරගෙන වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) පියවර ගෙන තිබේ.

අදාළ එන්නත ලබාගත් රෝගීන් දෙදෙනකු මියගිය බවට මහනුවර රෝහල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රචාරයක් ගිය ද, ඒ පිළිබඳව මහනුවර රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ජයන්ත මහතා සඳහන් කළේ එවැනි මරණ වාර්තා වී නැති බවයි.

මේ අතර, ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. එම්. ජී. කේ. බණ්ඩාරගේ අත්සනින් නිකුත් කර ඇති ලිපිය අනුව, අදාළ එන්නත ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා හා අහිතකර ප්‍රතික්‍රියා මත මෙම ඖෂධය තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් NMRA සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කියා සිටියේ, IDH හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුට එම එන්නත ලබාදීමෙන් පසු යම් කිසි සංකූලතාවක් මත මියගොස් ඇති බවයි. කෙසේ වෙතත්, එම මරණය මෙම එන්නත් නිසා ඇති වූ මරණයක් ද යන්න පිළිබඳව සහතිකව කිව නොහැකි බවද ඔහු පැවසීය. කෙසේ වෙතත්, මෙම Ondansetron VSP 8 mg/A ml (Ondanman 8) එන්නත රෝගීන්ට ලබාදීම තාවකාලිකව නතර කර ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළ බවද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම එන්නත, රෝගීන් නිර්වින්දනය කළ පසු ඇති වන අතුරු ආබාධ වැළැක්වීම සඳහා මෙන්ම ගර්භණී මව්වරුන්ට සහ කුඩා දරුවන්ට වමනය ඇති වන අවස්ථාවලදීත් ලබාදෙන බව වෛද්‍යවරු පෙන්වා දෙති. [Image representing a laboratory test or an injection vial]

මේ අතර, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ, ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරියේ (Indian Pharmacopeia – IP) ලියාපදිංචි සමාගම්වලින් කෙළින්ම මෙරටට ගෙන්වන ඖෂධ මෙරටදී යළි පරීක්ෂාවට ලක් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කළ යුතු බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories