ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට සමාජ ජාල ඔස්සේ බැණ වැදුණේ යැයි චෝදනා කරමින් පුද්ගලයෙකු අකුරැස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ, තමන්ට දිගින් දිගටම සමාජ ජාල ඔස්සේ දේශපාලන විරුද්ධවාදීන් මඩ ගසන බවයි. දිගින් දිගටම මෙම ක්‍රියාව සිදුවන නිසා නීතිමය ක්‍රියාමාර්ගය ගත් බවත් ඔහු සඳහන් කළේය.
අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා තමන්ට දුරකථනය ඔස්සේද බැන වැදුණු බවත්, ඔහු සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ බෑණා කෙනෙකු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.