2026 ජූලි 29 බදාදා, 08:32
නවතම පුවත්

වසර 23ක රෙස්ලිං දිවියෙන් ජෝන් සීනා සමුගනී

පුරා වසර 23ක රෙස්ලිං දිවියේ අවසන් තරගයෙන් පසු ජෝන් සීනා අද (දෙසැම්බර් 14) රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.

17 වතාවක් WWE ශූරයා වූ ජෝන් සීනා සිය අවසන් තරගය ක්‍රීඩා කරන ලද්දේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන ‘GUNTHER’ එරෙහිවය. කෙසේ නමුත් එම තරගයෙන් ජෝන් සීනා පරාජයට පත්වූ අතර, ඔහුගේ පරාජය ප්‍රේක්ෂකාගාරය පුදුමයට මෙන්ම නිහඬතාවක්ද ඇති කළේය. බොහෝ පාර්ශ්වයන් සඳහන් කර ඇත්තේ මෙය මෑත කාලීනව මතකයේ පැවැති වඩාත් තියුණුම තරඟය වනු ඇති බවය.

තරගයෙන් පසු WWE සියලුම ක්‍රීඩකයින් ඔහුට සමුදීමට පැමිණි අතර, රෙස්ලිං ශූරයින් වූ කෝට් රෝඩ්ස් සහ CM පන්ක් ඔවුන්ගේ ශූරතා සීනාගේ කරමත තබමින් ඔහුට ආචාර කරනු දක්නට ලැබුණි.

තරගයෙන් පසුව ජෝන් සීනා සිය ප්‍රේක්ෂකයින්ට හිස නමා ආචාර කරමින් තමන්ගේ වෘත්තීය දිවිය අවසන් කරන බවට නිවේදනය කළේ තමා දරා සිටි අත්පටි සහ සපත්තු රෙස්ලිං වළල්ලේ තබා බැස යාමත් සමගිනි.

ජෝන් සීනා රෙස්ලිං වළල්ලේ පුරාවෘත්තයක් ලෙස සැලකෙන අතර, ඔහු ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට පත්වූ චරිතයකි.

රෙස්ලිං ක්‍රීඩාවේ අමතක කළ නොහැකි සංධිස්ථාන රැසක් සනිටුහන් කර ඇති ජෝන් සීනා, 2001 සිට වසරේ WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියේය. ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනා ඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව ද විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories