තෙත් බිම්, පහත් බිම් ආදී පරිසර පද්ධතිවලට අපද්‍රව්‍ය බැහැර නොකරන ලෙස රජයේ පරිසර අංශ දැනුම් දී තිබියදීත්, ඇතැම් පළාත් පාලන ආයතන විසින් තවමත් එම කටයුත්ත සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
හලාවත, කුරුලු පාළුව තෙත් බිම් ප්‍රදේශයට පළාත් පාලන ආයතනයක් විසින් මහා පරිමාණයෙන් අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා එය දැඩි දූෂණයට ලක්ව තිබෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර පැවසීය.
මෙලෙස බැහැර කරන ලද අපද්‍රව්‍ය අතර සෞඛ්‍ය අපද්‍රව්‍ය යනාදියද විශාල වශයෙන් තිබෙන බව ඔහු වැඩිදුරටත් කීවේය.