2026 මාර්තු 24 අඟහරුවාදා, 15:55
නවතම පුවත්

පුත්තලමේ ජීවනෝපාය යළි ගොඩනැඟීමට ප්‍රමුඛත්වය

ව්‍යසනය හමුවේ බිඳ වැටුණු ජනතාවගේ ජීවනෝපාය මාර්ග යළි ගොඩනඟා දීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බවත්, හානි සඳහා වන්දි ගෙවීම් කඩිනම් කර කෘෂි, ධීවර සහ කර්මාන්ත ක්ෂේත්‍රය යළි පණ ගැන්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. වගා හානි සඳහා අදාළ වන්දි ගෙවීම් මෙම දෙසැම්බර් 25 වනදාට පෙර නිම කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (දෙසැම්බර් 13) පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි. පසුගිය සුළි කුණාටුව රටටම එකවර මුහුණ දීමට සිදු වූ මෑතකාලීන විශාලතම ව්‍යසනය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ හමුවේ බිඳ වැටුණු ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය නිලධාරින් සිදු කළ කැපවීම අගය කළේය.

වන්දි ගෙවීම් සහ මූල්‍ය විනය
ආපදාවට ලක් වූ ජනතාවට මෙතරම් ඉහළ වන්දි මුදලක් ලබා දීමට රජයට හැකි වූයේ රජය පවත්වාගෙන යන ශක්තිමත් මූල්‍ය විනය නිසා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙතෙක් දීමනා සහ ආධාර ලබාදීමේ දී මතුවු ගැටලුකාරී තත්ත්වයන් සලැකිල්ලට ගනිමින් අදාළ වන්දි ලැබිය යුතු අයටම හිමි විය යුතු බවත්, කිසිදු අවස්ථාවක එම ප්‍රතිපත්තිය බිඳ වැටීමට ඉඩ නොතබන බවද පැවසීය. රක්ෂිතයේ වගා කර තිබුණද, නිත්‍යානුකූලද නොසළකා වන්දි ලබා දෙන ලෙසත්, රක්ෂිතවල වගාව වැළැක්වීමට ක්‍රමානුකූලව පියවර ගන්නා ලෙසත් උපදෙස් දුන්නේය.

යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති
දිස්ත්‍රික්කයේ විනාශ වූ මහා මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණය පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර එම කටයුතුවලදී මතුව ඇති ගැටලු සඳහා ජනාධිපතිවරයා එම අවස්ථාවේදීම විසඳුම් ලබා දුන්නේය.

කලාඔය පහළ පාලම ඉදිකිරීම පිළිබඳ සාකච්ඡාවේදී සංචාරක කර්මාන්තයට අවශ්‍ය වන පරිදි තාවකාලික පාලමක් එම ස්ථානයේ ඉදිකරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඉදිකිරීම් සිදු කිරීමේදී නිසි ශක්‍යතා අධ්‍යයන සිදු කරමින් සහ රටක් ලෙස ලැබෙන ආර්ථික ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

විදුලි හා ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දුන් අතර, දිස්ත්‍රික්කයේ ළිං පවිත්‍ර කිරීමේ කටයුතු ප්‍රමාණවත් නොවන බැවින් ඒ සඳහා කඩිනමින් මැදිහත් වන ලෙසද පළාත් පාලන ආයතන වෙත උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම, ධීවර හා නිවාස
කෘෂිකර්මය: ගොවි ජනතාව මහ කන්නයේ වී වගාව සඳහා සූදානම් කිරීමට කඩිනමින් සුදුසු පරිසරයක් සකස් කර දෙන ලෙසත්, විකල්ප ක්‍රම කෙරෙහි අවධානය යොමු කරමින් අත හැරෙන භූමි ප්‍රමාණය හැකි තරම් අවම කර ගැනීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දුන්නේය.

සත්ව කර්මාන්තය: සත්ව කර්මාන්තයේ නියුතු පිරිස් සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දීම සහ ඒ සඳහා නිවැරදි තොරතුරු ලබා ගැනීම පිණිස සෑම සත්ව ගොවිපොළක්ම ලියාපදිංචි කිරීම වෙනුවෙන් නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

නිවාස: ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කයේ නිවාස 627කට පූර්ණ හානි සහ 20,813 කට අර්ධ හානි සිදුව තිබේ. පූර්ණ හානි වූ නිවාස සඳහා ලක්ෂ 50ක නිවසක හිමිකම ලැබෙන අයුරින් නිසි සැලැස්මක් අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට උපදෙස් දුන් අතර, නැවත පදිංචි කිරීමේදී රජයේ ඉඩම්වල පදිංචි කරවීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙන ලෙසත්, රජයේ ඉඩමක් සැපයිය නොහැකි නම් ඉඩමක් මිලදී ගැනීම වෙනුවෙන් හිමිවන මිලියන 05 ක මුදල ඔවුන්ට ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.

ධීවර කර්මාන්තය: හානි වූ ධීවර බෝට්ටු අලුත්වැඩියා කර ගැනීම සඳහා ආධාර ලබාදීම මෙන්ම ඉස්සන් ගොවිපොළ සඳහා සාධාරණ වන්දි මුදල් සහ සහන ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා විය.

හලාවත රෝහලේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලු අතර ලබන සතිය වන විට රෝගීන් නැවත ඇතුළත් කර ගැනීමේ සහ ඒකක කිහිපයක කටයුතු ආරම්භ කළ හැකි බව බලධාරිහු පෙන්වා දුන්හ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories