ජල ගැලීමට ලක් වූ හලාවත මහ රෝහලට රුපියල් මිලියන 1,200කට වැඩි හානියක් සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (දෙසැම්බර් 12) එක්වූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා ඇත. එමෙන්ම රෝහලෙන් ලබා දෙන සාමාන්‍ය ප්‍රතිකාර සේවා යථා තත්ත්වයට පත් කිරීමට රුපියල් මිලියන 1,200ක පමණ මුදලක් වැයවනු ඇති බවත් එහිදී පවසා තිබේ.
මේ අතර, රෝහලේ ඉදිකරමින් පවතින වාට්ටු සංකීර්ණය නිරික්ෂණය කළ අමාත්‍යවරයා, එය ලබන වසරේ නොවැම්බර් වනවිට ඉදිකර අවසන් කිරීමට හැකි වනු ඇති බව පැවසීය. එමෙන්ම හදිසි අනතුරු හා ප්‍රතිකාර ගොඩනැගිලි සංකිර්ණය වසර 2ක් වැනි කාලයක් තුළ කඩිනමින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බවත් පවසා ඇත. ඒ අනුව ඉදිකිරීම් කඩිනම් කර රෝහල පැවති මට්ටමට වඩා උසස් තත්ත්වයට රැගෙන එන බව අමාත්‍යවරයා පවසයි.
හලාවත නගර මධ්‍යයේ අක්කර 7.5ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම රෝහල, පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රජයේ රෝහල වේ. දහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් ඇති මෙහි ඇඳන් ධාරිතාව 645කට අධිකය.