2026 ජූලි 29 බදාදා, 08:31
නවතම පුවත්

වැටුණු රට ගොඩ ගන්න අලුත් ණය අරගන්න

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) නැවත නඟා සිටු වීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වසර ගණනාවක් පුරා, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමත් කිරීම සඳහා රජය විසින් විවිධ සහනදායි ණය වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. ඒවා අතරින්, කාර්මික සහ නිෂ්පාදන අංශවල ආයෝජන සඳහා වන SMILE – III අදියර, පරිසර හිතකාමී මුල්‍යකරණ සඳහා වන E-FRIEND – II අදියර සහ රජය විසින් අරමුදල් සපයනු ලබන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම (RE- MSME) යන ණය යෝජනා ක්‍රම ඒකාබද්ධ කර, 2026 වර්ෂයේ සිට RE-MSME PLUS ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

ඊට අමතරව, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ආපදා සහන (RE – MSME – Disaster Relief) ණය යෝජනා ක්‍රමය නමින් නව ණය යෝජනා ක්‍රමයක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

මෙම නව යෝජනා ක්‍රමය යටතේ ව්‍යවසායකයන් 130,000කට පමණ ක්ෂණික සහ මධ්‍ය කාලීන මූල්‍ය සහන ලබා දීමට අපේක්ෂා කෙරේ. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ, ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා රුපියල් 250,000/-ක සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 1,000,000/-ක උපරිමයකට යටත්ව, මාස 06 ක උපරිම සහන කාලයක් සහිතව වාර්ෂික 3%ක පොලී අනුපාතයක් යටතේ අවුරුදු 03 ක කාලසීමාවක් සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීමට පියවර ගනු ඇත.

ඒ අනුව, RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය සහ RE- MSME – Disaster Relief ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories