2026 ජූලි 25 සෙනසුරාදා, 13:58
නවතම පුවත්

ආබාධයක් හේතුවෙන් පැතුම් නිස්සංකට විවේකයක්

ඩුබායිහි පැවැත්වෙන අයි.එල්. විස්සයි විස්ස (ILT20) තරගාවලියේ 10 වැනි තරගය ලෙස ගල්ෆ් ජයන්ට්ස් සහ සාජා වොරියර්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ (දෙසැම්බර් 10) රාත්‍රි පැවැත්විණි. තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ලාභියා වන ශ්‍රී ලංකා ක්‍රීඩක පැතුම් නිස්සංක නොමැතිව ගල්ෆ් කණ්ඩායම ඊයේ ක්‍රීඩා කිරීම විශේෂත්වයක් විය. පාදයේ ආබාධයක් හේතුවෙන් ඔහුට ඊයේ තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වූ අතර, ඔහු වෙනුවට ශෝන් ඩික්සන් ගල්ෆ් සංචිතයට ඇතුළත් විය.

සිය ප්‍රථම විදෙස් ලීග් තරගාවලියට ක්‍රීඩා කළ පැතුම් නිස්සංක, තරගාවලියේ තමන් ක්‍රීඩා කළ මුල්ම තරග තුනේදීම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයකි. ගල්ෆ් ජයන්ට්ස් මුහුණ දුන් ප්‍රථම තරගය වූ එම්.අයි එමිරේට්ස් සමඟ තරගයේදී ලකුණු 164ක් හඹා ගිය ගල්ෆ් කණ්ඩායම වෙනුවෙන් පැතුම් පන්දු 42කදී වේගවත් ලකුණු 81ක් රැස් කළේය. අනතුරුව පැවැති ඩුබායි කැපිටල්ස් සමඟ තරගයේදී ඔහු පන්දු 31කදී ලකුණු 67ක් ද, ඉකුත්දා පැවැති ඩෙසර්ට් වයිපර්ස් සමඟ තරගයේදී පන්දු 29කින් ලකුණු 56ක් ද වාර්තා කළේය.

මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින පැතුම්, තරග තුනකදී තරගයක ලකුණු සාමාන්‍යය 68.00ක් ලෙස පවත්වා ගනිමින් ලකුණු 204ක් රැස් කරගෙන ඇත. ඔහුගේ ප්‍රහාරක වේගය 200කි. දැනට තරගාවලියේ වැඩිම හතරේ පහර සහ හයේ පහර ලාභියා බවටද පත්ව සිටින පැතුම් හයේ පහර 13ක් සහ හතරේ පහර 16ක් එල්ල කිරීමට සමත්ව ඇත.

මේ අතර, ආබාධයකට ලක් වූ දිනේෂ් කාර්තික් වෙනුවෙන් සාජා කණ්ඩායමට එක්වූ කුසල් මෙන්ඩිස් ඊයේ මෙවර තරගාවලියේ සිය පළමු තරගය ක්‍රීඩා කළේය. තරගාවලියේ තමන් ජයගත් තරග දෙකම හඹායාමෙන් ජයගැනීම හේතුවෙන් ඊයේ පැවැති තරගයේදී ද සාජා පිලට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ගල්ෆ් කණ්ඩායමේ නායකයා ආරාධනා කළේය. එහිදී කුසල් මෙන්ඩිස් පන්දු 15කදී ලකුණු 23ක් රැස් කරමින් දැවී ගියේය. පුවත් පත මුද්‍රණය සඳහා යොමු කෙරෙන අවස්ථාව වන විට පන්දුවාර 11ක් අවසානයේ සාජා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 76ක් රැස් කර තිබිණි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories