බොරලැස්ගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය (NPP) පක්ෂයේ නාගරික මන්ත්‍රීනි ලලනා ප්‍රියදර්ශනී මහත්මියගේ අත්බෑගය ත්‍රිරෝද රථයකින් පැමිණි පුද්ගලයකු විසින් ඊයේ (දෙසැම්බර් 08) දහවල් කොල්ලකා පලා ගොස් ඇති බව දෙහිවල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ තුනක් පමණ වටිනා රන් කරාබු යුගලක්, රුපියල් 35,000 ක් වටිනා ජංගම දුරකථනයක් හා මුදල් රුපියල් 15,000 ක් මෙන්ම වටිනා ලිපි ලේඛන රැසක්ද අත්බෑගයේ තිබූ බව පොලිසිය සඳහන් කරයි.
දෙහිවල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.