පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් වසා දැමුණු රජයේ පාසල් නැවත ආරම්භ කිරීමේ ක්‍රමවේදයට අදාළ චක්‍රලේඛය අද (දෙසැම්බර් 09) නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක මහතා පවසයි.
ලබන 16 වැනිදා පාසල් ආරම්භ කිරීමට නියමිත බව ලේකම්වරයා ප්‍රකාශ කළේය.ඒ යටතේ පළාත් මට්ටමින් පාසල් ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ඔහු සඳහන් කළේය.
මේ අතර, අපොස උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සියල්ල ජනවාරි මාසයේදී පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල විභාගයට පෙනී සිටිය යුතු දරුවන් පිළිබඳ නිසි තොරතුරු මෙතෙක් ලැබී නැති බවත්, ළමුන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට ඔවුන්ගේ තොරතුරු අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.