අයහපත් කාලගුණය හේතුවෙන් ‘දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ කර්මාන්ත නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 02ක දීමනාව සම්බන්ධයෙන් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි පහත සඳහන් ආයතනවල ලියාපදිංචි ආපදාවට ලක් වූ කර්මාන්තකරුවන්ට මෙම ලක්ෂ 2ක මුදල ලබා ගැනීමේ හැකියාව පවතී:
- කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)
- කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB)
- ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය (NEDA)
- කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය
- ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය (NPO)
- ජාතික ශිල්ප සභාව
- ජාතික මෝස්තර මධ්‍යස්ථානය
අමාත්‍යාංශය බලාපොරොත්තු වන්නේ මෙම දත්ත එක්රැස් කිරීමෙන් අනතුරුව ආපදාවට ලක් වූ සියලුම කර්මාන්ත නැවත නගා සිටුවීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමටත්, සම්බන්ධීකරණය කරගැනීමටත් ය.