2026 ජූලි 29 බදාදා, 08:30
නවතම පුවත්

ආපදාවෙන් පසු වසංගත රෝග පිළිබඳ අවධානය යොමු කරන්නැයි ඉල්ලීමක්

පවතින ආපදා තත්ත්වයෙන් පසුව මතුවිය හැකි බෝවන රෝග පිළිබඳව ජනතාව දැඩි අවධානයක් යොමු කළ යුතු බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ලබා දුන් උපදෙස් පහත පරිදි වේ:

  1. ජලය සහ සනීපාරක්ෂාව
  • ජල පරිභෝජනය: උණු කර නිවාගත් ජලය පානය කිරීම ඉතා වැදගත් වේ.
  • ළිං පිරිසිදු කිරීම: ගංවතුරින් උතුරා ගිය ළිං නැවත භාවිතයට පෙර නිසි ලෙස පිරිසිදු කර, ක්ලෝරීනකරණය කර විෂබීජහරණය කිරීම අනිවාර්ය වේ.
  1. ආහාර මගින් බෝවන රෝග
  • ආහාර සකස් කිරීම: පිරිසිදුව ආහාර පිසීම පිළිබඳව අවධානය යොමු කළ යුතුය.
  • ආහාර විෂ වීම් වැළැක්වීම: පිසූ වේලාවේ සිට පැය 4ක කාලයක් ඇතුළත ආහාර අනුභවය සුදුසුය. ආහාර අනුභවයට පෙර හොඳින් දෑත් සේදීම අත්‍යවශ්‍ය වේ.
  • රෝගීන්: යම් පාචන රෝගී තත්ත්වයක් පවතින අයෙකු ආහාර පිසීමේ ක්‍රියාවලියෙන් ඉවත්විය යුතුය.
  1. මී උණ (Leptospirosis) වැළැක්වීම
  • අවදානම් පරිසරය: ජලය රැඳී තිබීම සහ මඩ තිබීම මී උණ රෝගය පැතිරවීමට සුදුසු පරිසර තත්ත්වයකි.
  • රෝගය බෝවීම: මීයන්ගේ පමණක් නොව, බල්ලන්ගේ, හරකුන්ගේ සහ ඌරන්ගේ මුත්‍රාවලින් වුවද ජලය අපවිත්‍ර විය හැකි අතර, අපගේ ශරීරයේ කැපුම්, සීරීම්, හෝ තුවාලවලින් රෝගය ඇතුළු විය හැකිය.
  • ප්‍රතිකාර: සියලුම ගංවතුරට නිරාවරණය වූ පුද්ගලයින් සඳහා ලබා දීමට ඩොක්සිසයික්ලයින් (Doxycycline) නැමති ඖෂධය බෙදා හැර ඇත.
    • මාත්‍රාව: මිලිග්‍රෑම් 200ක් වහාම ලබා ගත යුතුය.
    • දිගටම ලබාගැනීම: සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු හෝ නිවස ජලයෙන් යට වී තිබේ නම්, දිගටම සතියක් පාසා මෙම මාත්‍රාව ලබා ගත යුතු බව වෛද්‍ය ලියනපතිරණ මහතා සඳහන් කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories