2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 19:45
නවතම පුවත්

ප්‍රධාන ජලාශ 30ක් තවදුරටත් වාන් දමයි

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන ජලාශ 30ක් සහ මධ්‍යම ප්‍රමාණයේ ජලාශ 39කට අධික ප්‍රමාණයක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරු ඉංජිනේරු එච්.පී.එස්.ඩී. හේරත් මහතා පවසයි.

  • අම්පාර: සේනානායක සමුද්‍රය
  • අනුරාධපුර: මහවිලච්චිය, මහකනදරාව, රාජාංගන
  • කුරුණෑගල: දැදුරු ඔය
  • හම්බන්තොට: ලුණුගම්වෙහෙර
  • බදුල්ල: සොරබොර ජලාශය

රාජාංගන ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්පරයට ඝන අඩි 6,476ක ජල ප්‍රමාණයක්ද, අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම තුළින් තත්පරයට ඝන අඩි 1,164ක ජල ප්‍රමාණයක්ද කලා ඔය වෙත නිකුත් කරමින් පවතී. කෙසේ වෙතත්, ඉංජිනේරුවරයා සඳහන් කළේ නිකුත් කරන ජල ප්‍රමාණය අවම බැවින් එම ජලාශවල පහළ ප්‍රදේශවල ගංවතුර අවදානමක් නොමැති බවයි.

  • පසුගිය දින කිහිපයේ පැවැති අධික වර්ෂාපතනය හමුවේ වාරි ව්‍යාපාරයන්හි නිර්මිතවලට අධික ලෙස හානි සිදුව ඇති බැවින්, ඒ සඳහා තාවකාලික ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.
  • රාජාංගන ජලාශයේ දකුණු ඉවුර ඇළ ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති අතර, එය අද (07) දිනයේ අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.
  • ඇලහැර යෝධ ඇලෙහි ප්‍රතිසංස්කරණ ද ආරක්ෂක අංශ සහ ගොවි සංවිධානවල සහය ඇතිව සිදු කෙරෙමින් පවතින බව සඳහන් වේ.
  • වාරිමාර්ග අධ්‍යක්ෂ ජල විද්‍යා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා පැවසුවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු ප්‍රධාන මිනුම් මධ්‍යස්ථාන සැලකීමේදී වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 30-35 අතර ප්‍රමාණයක් බද්දේගම සහ රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ බවය.
  • ගංවතුර මට්ටම් සැලකීමේදී සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ මට්ටමක පැවතියේ තන්තිරිමලය මල්වතු ඔය පමණක් බවත්, එයත් මේ වන විට අඩුවෙමින් පවතින බවත් ඉංජිනේරුවරයා සඳහන් කළේය.
  • දැනට දැදුරු ඔය, රාජාංගනය, නාච්චදූව, සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනෙකුත් මධ්‍යම ප්‍රමාණයේ ජලාශ ඇතුළු ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ජල මට්ටම් අඩු කරමින් පවතී.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories