රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන්, දුම්රිය මාසික වාර ප්‍රවේශ පත්‍ර (Season Ticket) හිමියන්ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) බස් රථවල ගමන් කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ, ඔවුන්ගේ අධි සුඛෝපභෝගී බස්රථ හැර අනෙකුත් සියලුම සාමාන්‍ය බස්රථවල දුම්රිය මාසික ප්‍රවේශ පත්‍රය භාවිතයෙන් ප්‍රවාහන පහසුකම් ලබා ගත හැකි බවයි.
මේ සම්බන්ධයෙන් බස් රථ සේවකයින් සහ කණ්ඩායම් දැනුවත් කර ඇති බව ද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.