මුළු දිවයිනටම බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් සිදු වූ ආපදා මරණ සංඛ්‍යාව 486ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසයි.
එම මධ්‍යස්ථානය සඳහන් කළේ, පුද්ගලයන් 341ක් තවමත් අතුරුදන් වී සිටින බවයි.
තවද, පවුල් 51,023කට අයත් පුද්ගලයන් 171,778ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානයන්හි රැඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේය.